ගිණුම්කරණය යනු ප්‍රායෝගික මෙන්ම තාක්ෂණික විෂයකි.එහෙත් ගිණුම්කරණයට පදනම සපයන න්‍යායන් ගණනාවක් ඇත.මෙම න්‍යායන් අතරින් එකක් සේ සැලකිය හැකි ගිණුම්කරණයේ සංකල්පීය රාමුව මගින් ගිණුම්කරණයට ඉතා වැදගත් න්‍යායාත්මක පදනමක් සපයයි.
ගිණුම්කරණයේ පරිචය එසේත් නැතහොත් ප්‍රායෝගික ගිණුම්කරණයේ පදනම වන්නේ ගිණුම්කරණය ප්‍රමිතීන් මතය.ප්‍රමිතීන් පිළියෙළ කර ඇත්තේ සංකල්පීය රාමුව පදනම් කරගෙන ය.එමනිසා ගිණුම්කරණයට මුලිකවම පදනම සපයන්න්නේ සංකල්පීය රාමුව මගින් ය.කණු කීපයක් උද ඉදිකල නිවසක් ගත් විට එම නිවස ගිණුම්කරණය නම් එහි කණුව ප්‍රමිතීන් වන අතර එහි අත්තිවාරම සංකල්පීය රාමුවයි.මේ නිසා මුල්‍ය ගිණුම්කරණය පිලිබදව අධ්‍යනය කරන සෑම අයෙක්ම මෙම සංකල්පීය රාමුව පිළිබද අවබෝධයක් ලබා ගත යුතුය.
මුල්‍ය ගිණුම්කරණයේ සංකල්පීය රාමුව යනු
ඇමරිකා එක්සත් ජනපදයේ මුල්‍ය ගිණුම්කරණ ප්‍රමිත මණ්ඩලය (Financial Accounting Standard Board-FASB )විසින් එහි සංකල්පනාත්මක රාමුව පහත පරිදි නිර්වචනය කර ඇත
"A conceptual framework is a constitution,a coherent system of interrelated objectives and fundamentals that can lead to consistent standard and that prescribes the nature function and limits of financial accounting and financial statements"
ගිණුම්කරණයේ සංකල්පීය රාමුව ව්‍යවස්ථාවකි.එය එකිනෙකට අනුරූපී වන ගිණුම්කරණ ප්‍රමිති සදහා මග පෙන්වන සහ මුල්‍ය ප්‍රකාශ වල ස්වභාවය කාර්යභාරය හා සීමාවන් නියම කරනු ලබන එකිනෙකට සම්බන්ධ අරමුණු හා මුලික මූලධර්ම වලින් සමන්විත පද්ධතියකි.
සංකල්පීය රාමුවේ විකාශය
ගිණුම්කරණය සදහා නිශ්චිත පදනමක් සපයන මුලු ලොවම පිලිගත් නිශ්චිත සංකල්පීය රාමුවක් නොමැත.විවිධ රටවල සංකල්පීය රාමු කීපයක් බිහි වී ඇත.
මෙම රටවල් අතර ප්‍රමුඛත්වය ගන්නා එක් රටක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.ඇමරිකා එක්සත් ජනපදයේ මුල්‍ය ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලය ප්‍රථම වරට 1978 දී මුල්‍ය ගිණුම්කරණ සංකල්ප ප්‍රකාශය නමින් සංකල්පීය රාමුවක් ඉදිරිපත් කරන ලදී.
මුල්‍ය ගිනුම්කරණයෙහි සහ මුල්‍ය ප්‍රකාශනවල ස්වාභාවය කාර්යභාරය සිමාවන් නියම කරනු ලබන සහ එකිනෙකට අනුරූප වූ ගිණුම්කරණ ප්‍රමිත සදහා මග පෙන්විය හැකි එකිනෙකට සම්බන්ධ අරමුණු සහ මුලික මුලධර්මයන් පද්ධතියකි.
To be continued...
Welcome to accountingwithlakmal.blogspot.com,First Free educational web site for A/L commerce students in Sri Lanka.This website provides Accounting,Economics,Business Studies Lessons & Career Guidance with the vision of sharing Knowledge free.