මෙය බැලූ බැල්මට ඉතා පහසු කියමනක් වුවත් ඒ සදහා අනුගත වීම සංකීර්ණ බව ඔබ දැනගත යුතුවේ .ප්‍රථමයෙන්ම ඔබ හදාරණ ඒ විෂයට ආදරය කරන්න.මේ විෂය පථයට කොතරම් විශාල බලපෑමක් සමාජයට කළ හැකිද?යන්න සිතන්න.එයට ගෞරව කරමින් ආදරය කරන්න.ඔබ ක්ෂේත්‍රයට ආදරය කරන්න.ඔබ ක්ෂේත්‍රයට ආදරය කරන බැවින් ඔබ විෂය තුළ තම කාලය ගත කිරීමට පෙළඹේ.විෂය තුළ ජීවත් විය හැකි වන්නේ එවිටය.විෂයේ නව ප්‍රවනතා ගැටළු තැන් නිවැරදි තැන් මොනවද ?යන්න පිළිබද නිතරම හඹා යන්න.විෂය තුළ ජීවත් වන්න.ඒ අනුව ඔබට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීම විශාල ගැටළුවක් නොවනු ඇත
Welcome to accountingwithlakmal.blogspot.com,First Free educational web site for A/L commerce students in Sri Lanka.This website provides Accounting,Economics,Business Studies Lessons & Career Guidance with the vision of sharing Knowledge free.
Pages
Tuesday, December 31, 2019
A 3 ක ප්‍රධාන රහස ආදරය කිරීම සහ ජීවත්වීමයි
ඔබ ඉගෙන ගන්නා විෂයන් තුනෙන්ම A සමාර්ථ තුනක් බලාපොරොත්තුවන්නේ නම් ඒ සදහා සපුරාලිය යුතු මුලික කොන්දෙසින් වන්නේ ඒ ඒ විෂයට ආදරය කිරීම සහ ඒ ඒ විෂයන් සමග ජීවත්වීමයි .එමෙන්ම කැපවීමයි.
මෙය බැලූ බැල්මට ඉතා පහසු කියමනක් වුවත් ඒ සදහා අනුගත වීම සංකීර්ණ බව ඔබ දැනගත යුතුවේ .ප්‍රථමයෙන්ම ඔබ හදාරණ ඒ විෂයට ආදරය කරන්න.මේ විෂය පථයට කොතරම් විශාල බලපෑමක් සමාජයට කළ හැකිද?යන්න සිතන්න.එයට ගෞරව කරමින් ආදරය කරන්න.ඔබ ක්ෂේත්‍රයට ආදරය කරන්න.ඔබ ක්ෂේත්‍රයට ආදරය කරන බැවින් ඔබ විෂය තුළ තම කාලය ගත කිරීමට පෙළඹේ.විෂය තුළ ජීවත් විය හැකි වන්නේ එවිටය.විෂයේ නව ප්‍රවනතා ගැටළු තැන් නිවැරදි තැන් මොනවද ?යන්න පිළිබද නිතරම හඹා යන්න.විෂය තුළ ජීවත් වන්න.ඒ අනුව ඔබට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීම විශාල ගැටළුවක් නොවනු ඇත
මෙය බැලූ බැල්මට ඉතා පහසු කියමනක් වුවත් ඒ සදහා අනුගත වීම සංකීර්ණ බව ඔබ දැනගත යුතුවේ .ප්‍රථමයෙන්ම ඔබ හදාරණ ඒ විෂයට ආදරය කරන්න.මේ විෂය පථයට කොතරම් විශාල බලපෑමක් සමාජයට කළ හැකිද?යන්න සිතන්න.එයට ගෞරව කරමින් ආදරය කරන්න.ඔබ ක්ෂේත්‍රයට ආදරය කරන්න.ඔබ ක්ෂේත්‍රයට ආදරය කරන බැවින් ඔබ විෂය තුළ තම කාලය ගත කිරීමට පෙළඹේ.විෂය තුළ ජීවත් විය හැකි වන්නේ එවිටය.විෂයේ නව ප්‍රවනතා ගැටළු තැන් නිවැරදි තැන් මොනවද ?යන්න පිළිබද නිතරම හඹා යන්න.විෂය තුළ ජීවත් වන්න.ඒ අනුව ඔබට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීම විශාල ගැටළුවක් නොවනු ඇත
උපාධිය වෘත්තීය සුදුසුකම සදහා ඔබේ සැලසුම
අ.පො.ස උසස් පෙළ ගුරු සිසු ප්‍රජාව නියෝජනය කරන දයාබර පාඨක ඔබ අනාගත ලෝකය පිළිබද වූ "තීන්දු තීරණ " ගත යුත්තේ දැක්මක් සහිතවය.එනම් ඔබ සතුව අධ්‍යාපනික සහ වෘත්තීය දැක්මක් තිබිය යුතුය.ඒ සදහා අවම ඉදිරි දශකයකට සැළසුමක් ඔබ සතු විය යුතුවේ.ඒ තුළට ඔබේ විභාගය ද අන්තර්ගත කර ගනිමින් දළ සැළසුමක් සකසා ගැනීම ඔබට සාර්ථක අනාගතයකට ගමන් කළ හැකි මාර්ග සිතියමක් බවට පත්වනු ඇත.ඔබ දැන් මෙම සමාජයේ වැඩිහිටි පුරවැසියෙකි.එනම් ඔබ සතුව සමාජය පිළිබද දැනුමක්,ගැඹුරු අවබෝධයක් පැවතිය යුතුය.ඔබ සමාජය තුල යහපත් ක්‍රියාකාරීකයෙකු විය යුතුය.ඒ සදහා ඔබට උගත්කම වැදගත් වේ.ඒ උගත්කම යන්න ඔබ ලබාගන්නා කව්රුන් හෝ කියන සහතිකපතක්,ඩිප්ලෝමාවක් නොවේ.ඔබේ උගත්කම යනු සමාජ පුරවැසියෙකු ලෙස සංස්කෘතිකමය යහපත් පැවැත්මක්,අනාගත අරමුණු සහ හැකියාව සමග ගැලපෙන වෘත්තීය දැනුම හැකියාව ප්‍රයෝජනවත් වනු ඇත.උසස් පෙළ මට්ටමේ දී ලබා ගන්නේ ,ලබා ගත යුතු වන්නේ ,සමාජයේ යහපත් පුරවැසියෙකු බවට පත්වීමේ හැකියාවන් සහ දැනුමත්, වෘත්තීයකට වැදගත් වන කුසලතවයනුත් ය.
එ බැවින් "විභාගය" සදහා සුදානම් වන ඔබ ඒ වේගයෙන්ම,ඊට සමගාමීව විෂය බාහිර ක්‍රියාකාරකම් වලද යෙදිය යුතු වේ.ඔබේ සැලසුම තුළ විභාගයෙන් පසු කාලය ද සැලසුම් කළ යුතුය.ඔබ 2020 සිට 2030 දක්වා ඔබේ අධ්‍යාපනික ජීවිතය සැලසුම්කිරීම නවීන ගෝලීය පරිසරයට අනුගත වීම සදහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
උපාධිය
උපාධිය තුළින් රැකියා වෙළෙදපොල ඍජුව ඉලක්ක නොවුවත් රැකියා වෙළෙදපොළට අවශ්‍යය නිර්මාණශීලි තරුණයන්/තරුණියන් බිහිකෙරේ.සංකලපනාත්මක කුසලතා සදහා උපාධි සුදුසුකමක් ඍජුව සම්බන්ධ වේ.මෙරට තුලදී බොහෝ සිසුන් සිදුකරන්නේ වසර හතරට විෂයන් හතලිහක් සමත්වීමේ අරගලයි.නමුත් උපාධි සුදුසුකමක් තුල නිරුපනය විය යුත්තේ,විශ්වවිද්‍යාලය තුල ලබාගන්නා විෂය දැනුම ප්‍රායෝගි කටයුතු වලට ඇතුලත් කරගැනීමයි.එමෙන්ම මේ කුසලතාවයන් ලබාගන්නේ කුමන ක්ෂේත්‍රයෙන් ද ?යන්න උපාධියක් සදහා සුදානම් වන ඔබ දැනගත යුතුය,ඔබ ඒ සදහා දැනුම සොයාගත යුතුය.නව සංකල්පනා,කුසලතා නිර්මාණය කරගත යුතුය .ඔබ තෝරාගන්නා ක්ෂේත්‍රයක්(උදා :-මානව සම්පත් කළමනාකරණය,අලෙවිකරණය ,පරිපාලනය,වාණිජය,ජාත්‍යන්තර වෙළදාම,ගිණුම්කරණය,සංචාරක කළමනාකරණය ,බෙදාහැරීම් හා මිලදීගැනීම් කළමනාකරණය ආදී )ක්ෂේත්‍ර පිළිබද දැනුම සහ හැකියාව ඔබට ලබාගත හැකිවේ.
වෘත්තීය සුදුසුකම
ඔබ ලබාගන්නා,විශේෂීකරණය කරනු ලබන සංකල්පනාත්මක කුසලතාවයට,නිර්මාණශීලි අධ්‍යාපනය යෙදෙන ක්ෂේත්‍රයට,ඉතා ඉතා හොදින් ගැලපෙන වෘත්තීය අධ්‍යාපනය ද ඔබට එක් පැතිකඩයකින් ලබාගත හැකිවේ.ඒ සදහා ඔබට ගමන් කල හැක්කේ වෘත්තීය සාමාජිකත්වය ලබාගැනීම දෙසටයි.ඒ තුලින් ඔබ ගමන් කිරීමට කැමති ක්ෂේත්‍රය පිළිබද වූ වෘත්තීය දැනුම ,තාක්ෂණික කුසලතාවය අත්කරගත හැකිවේ.කුමන හේතුවකින් හෝ ඔබට උපාධියක් ලබාගැනීමට නොහැකි වුවහොත් ඔබ ලබාගන්නා වෘත්තීය සුදුසුකම තුළින් පශ්චාද් උපාධියකට (උදා :- MBA) යොමුවිය හැකි අතර එහිදී ඔබේ චින්තන කුසලතාව වර්ධනය කර ගත හැකිවේ .
ඒ අනුව උපාධිය සහ වෘත්තීය සුදුසුකම යන දෙකම හොදින් සංයෝජනය කර ගැනීම සිදුකරගත හැක්කේ සහ යුත්තේ ඔබේ කැමැත්ත,බලාපොරොත්තු ,හැකියාවන් පිළිබද ගැඹුරු අධ්‍යනයකින් මිස ආවට ගියාට නොවේ.ඒ අනුව වෘත්තීය දැනුම (Professional) සහ හැකියාව වෘත්තීය සුදුසුකම තුලින් ලැබෙන බැවින්ද සංකල්පනාත්මක හා නිර්මාණශිලිත්වය උපාධියක් තුලින් ලැබෙන බැවින් ද මේ ද්විත්වයම බහුතර සිසුනට සුදුසුවේය යන්න අපගේ අදහසයි.එසේත් නැතිනම් වෘත්තීය සුදුසුකම තුලින් පශ්චාද් උපාධියකට යොමුවී අවශ්‍ය දැනුම සහ හැකියාව ලබා ගැනීම ද ප්‍රයෝජනවත් වනු ඇත .එසේත් නොමැතිව ඉහත දැක්වූ වෘත්තීය සහ අධ්‍යාපනික දැනුම සහ කුසලතාවයන් ලබාදෙන වෘත්තීය සුදුසුකමක් මගින් පළමු උපාධිය ද පහසුවෙන් ලබාගත හැකි තැනකට වර්තමාන අධ්‍යාපන හා වෘත්තීය පරිසරය නවීකරණය වී ඇති බව ඔබ තේරුම් ගත යුතුය .ඇතැම් වෘත්තීය සුදුසුකම් සමග ඒ ක්ෂේත්‍රයේ පිළිබද උපාධියක්ද පරිශ්‍රමයකින් තොරව ලබාගත හැකි තැනකට වෘත්තීය ලෝකය ජයගෙන ඇතිබව පසක් කර ගත යුතුය .ඒ බැවින් ඔබේ වෘත්තීය ජීවිතය ඔබ පාසැල් නිමවීමත් සමග ආරම්හ කළ හැකි වන පරිදි දැන් දැන්ම සැලසුම් කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත .

Subscribe to:
Posts (Atom)